Spread the love

ලබන දෙසම්බර් මාසයට සුරාබදු දෙපාර්තුමේන්තුවට වසර 110 ක් සපිරීම නිමිත්තෙන් විශාල කාර්ය භාරයක් සිදු කරන බව සුරාබදු කොමාසරිස් ජෙනරාල් එම්.ජී .ගුණසිරි මහතා පවසයි.
වසර එසසිය දහයට සමගාමීව නවවසර ආරම්භයේදීම සුරාබදු දෙපාර්තුමේන්තුව පරිගණක ජාල ගත කිරීමට පියවර ගැණේ . මේ තුළින් යාපනයේ බලපත්‍ර ලාභියකු සුරාබදු දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලට ඒමට අවශ්‍ය නොවේ. අදාල බලපත්‍ර ලාභියට සිය බලපත්‍රය ඉතා පහසුවෙන් ඹන්ලයින් ක්‍රමය මගින් බලපත්‍ර ලබාගැනීමේ පහසුකම් අත්විදිය හැකිවෙයි. මේ ක්‍රමවේදය තුළින් හැමදෙනාගේ ම කාලය ඉතිරි කර ගතහැකිවන අතර බලපත්‍ර ලාභීන්ට විශාල සේවාවක් ලබා දිය හැකිවනු නොඅනුමානය.
මේ වනවිට මත්පැන් වලට අගයක් ලබාදීමටත් ,ප්‍රමිතීන් ද හදුවා දීම විශේෂත්වයක් . මීට අමතරව රා සදහාද ප්‍රමිතීන් ලබා දීම තුළින් බොහෝ ජාවාරම් කරුවන්ට තිත තබා ඇතැයිද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේය.
මීට අමතරව දේශීය හා විදේශීය මත්පැන් සදහා ස්ටිකර් ක්‍රමවේදයක් හදුන්වා දුන් අතර Q Rකේතය ජංගම මුදුකාගයක් හදුන්වාදීමෙන් ජනතාවට නියම ප්‍රමිතියෙන් යුතු මත්පැන් ලබා ගැනීමේ හා ඒවා නියම මත්පැන්ද යනවග පරික්ෂාකිරීමේ හැකියාව උදාවී තිබේ. ආදායම් ඉලක්ක සපුරා ලමින් මත්පැන් සදහා ඉදිරියේදී ප්‍රමිතින් පරික්ෂා කිරිම සදහා රසායනාගාරයක්ද පුගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට පියවර ගෙන ඇත.
මීට අමතරව මත් රකුසාගෙන් පාසල් දරුවන් බේරා ගැනීම සදහාද විශේෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් රැසක් මේ වනවිට දියත් කොට ඇතැයිද එම්.ජි ගුණසිරි මහතා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මේසේද පැවසුවේය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න