Spread the love

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට පමණක් රට සංවර්ධනය කල නොහැකි බවත් ඒ සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ රාජ්‍ය අරමුදල් නොමැතිව දානපති ආධාර යටතේ ජනතා සුභසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසීම අද ස්ටයිල් එකක් බවට පත්ව ඇති බවයි.3% කුහකයන් සිය දේශපාලන කුහකත්වය නිසා සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස මඩ ගසන බවටද ඇමතිවරයා චෝදනා කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කලේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසැල් 08කට රුපියල් කෝටියක ප්‍රතිපාදන ලබා දීමේ අවස්ථාවලට සහභාගී වෙමිනි.

මෙම රුපියල් කෝටියක ආධාර මුදල මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 08 කට ලබා දී තිබුනේ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී නවුෆර් ෆවුසි මහතා සහභාගිත්වය දරණ සහිඩා පදනමයි.

මිනුවන්ගොඩ ගල්ඔලුව විද්‍යාලය, හොරම්පල්ල සීලවිමල විද්‍යාලය, මිනුවන්ගොඩ කොරස රණසිංහ මහා විද්‍යාලය , නැදගමුව කණිෂ්ඨ විද්‍යාලය , ඕපාත ශ්‍රී ගුණානන්ද ප්‍රාථමික විදුහල , උඩුගම්පොළ රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය, උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලය හා නිල්පනාගොඩ අල් අමාස් විද්‍යාලයට මෙම පදනම මගින් රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කල අතර ඊට අදාල ඉල්ලීම එම පදනමට කර තිබුනේ ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.

මෙම පාසැල් වල ගේට්ටු සැකසීම , ජලය ලබා ගැනීම, පන්ති කාමර අලුත්වැඩියා කිරීම වැනි භෞතික කාර්යයන් එම මුදල් මගින් සිදු කරගෙන තිබූ අතර ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ සියළුම පාසල්වලට ස්මාර්ට් පංතිකාමරය බැගින් ලබා දීමට ද නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“අපි රජයේ අරමුදල් භාවිතා නොකර පාසල් වලට උපකරණ දෙනකොට සමහරු අහනවා අපේ ටිකිරි ගිණුමෙන් ද මේක කරන්නේ කියල.මෙහෙම අහන්නේ වෙන කවුරුත් නෙමේ.මෙලෝ දෙයක් කරන්න බැරි කයියනායකගේ කට්ටිය.මොකද ගම්වල ඉන්න කයියනායක ගෝලයන්ට මෙලෝ වැඩක් කරන්න තේරෙන්නේ නෑ.ආණ්ඩුව කරන දේවල් ගැන ඇද ම දකිනවා.ඒකට අපහාස උපහාස කරනවා.හැබැයි ඒ කරන වැඩේ හොඳ නරක දකින්නේ නෑ.වැඩ බැරි ටාසන්ලා තමයි අපිට මඩ ගහන්නේ. අපි දේශපාලනය කරනකොට මේ වගේ හිතවතුන් අපිට උදව් උපකාර කරනවා. ඒ ලැබෙන ප්‍රතිලාභ ජනතාව වෙනුවෙන් වියදම් කරනවා.