හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දියණිය වන තුෂ් වික්‍රමනායක මහත්මිය විසින් ජනාධිපති ලේකම්වරයා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳ ගමන් කළ නිල රථය සම්බන්ධයෙන් සිදු වූ රිය අනතුරකට ප්‍රතිචාර ලෙසිනි.
එම අනතුරින් පුද්ගලයන් සිවු දෙනෙකුට තුවාල සිදුව රෝහල් ගත කර ඇත.
මේ අතර, ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරැකුලකුලසූරිය මහතා ද සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙය සිදු වූයේ ශිෂ්ට සම්පන්න රටක් නම් ජනාධිපති ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවය.
