Spread the love

ලබන සෙනසුරාදා (21) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි .

ඒ අනුව කොළඹ 12, 13,14 සහ 15 යන ප්‍රදේශවලට එළඹෙන 21 වනදා රාත්‍රී 10.00 සිට මැයි මස 22 වන ඉරිදා උදෑසන 8.00 දක්වා පැය 10 ක් මෙලෙස ජාල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.

එසේම කොළඹ 01 සහ 11 ප්‍රදේශවලට එම කාලසීමාවේදී අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.