Spread the love

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව නොවැම්බර් 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) පෙරවරුවේ ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදීය.

ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුව ඇයව එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.