Spread the love

ජැක්සන් මහත්මයාගේ අවමංගල්‍ය සභාවේ ස්තූති කතාව කරන Sajitha Anuththara Anthony කියනවා.

දින 458ක් තිස්සේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතියක් උල්ලංඝණය කරමින් අපේ අප්පච්චි රෝහල් ගත වෙලා හිටියේ නෑ! අපේ පවුලේ අය එකතු වෙලා ජාතික රෝහලට පරිත්‍යාග කරපු Ventilator යන්ත්‍රයක හුස්ම ගනිමින් තමයි හිටියේ,දැන් ඒ යන්ත්‍රයෙන් තව අවුරුදු 10,15ක් යනකල් හුස්ම හොයන මිනිස්සු ජීවත් වෙයි කියලා.

මේ දක්වා ඒ ගැන නොකියා හිටියේ පින් කරලා අඬබෙර ගහන්න අවශ්‍ය නැති නිසා සහ අප්පච්චි එහෙම වැඩ වලට අකමැති නිසා කියලා…

මට ආයේ ආයේ මතක් වෙන්නේ ඝරසරප චිත්‍රපටියේ ජැක්සන් ඇන්තනීගේ පළමු දර්ශනය.

” රජෙක් රාජ ගමනේ

බලවු බලවු ඒ මහිමේ

පැරදුණේ මන්ද යහනේ….