Spread the love

පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට මෙරට විදේශ සංචිතවල මුළු වටිනාකම ඩොලර් මිලියන 1704 දක්වා පහත වැටී තිබේ.

එය සැප්තැම්බර් මාසයේදී පැවති ඩොලර් මිලියන 1779 ට සාපේක්ෂව සියට 4.2ක පහල යාමකි.

මෙම සංචිත තුළ චීනයෙන් ලද ඩොලර් මිලියන 1500 ක විනිමය හුවමාරු පහසුකම ඇතුලත් වන අතර එය භාවිතා කිරීම කොන්දේසි වලට යටත්ය.

ඒ අනුව නිදහසේ භාවිතා කර හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 204 පමණක් දක්වා පහත වැටී ඇත.