රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන සේවය වෙනුවට දේශිය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
අමාත්‍යවරිය මේ බව කියා සිටියේ බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී පැවැති “රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ” 43 වන වාර්ෂික සම්මේලනය ට සහභාගි වෙමිනි.
විදේශීය ඉංජිනේරුවන්ට, නොදෙවෙනි ලෙස කුසලතා සහිත ඉංජිනේරුවන් අප රටේ සිටින බවත්, එසේ සිටිය දී අත්‍යවශ්‍ය තත්ත්වයක් හැරෙන්නට විදේශ ඉංජිනේරුවන් ගේ විශේෂඥ සේවය ලබාගැනීම වැදගත් නොමැති බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,
“ලෝකයේ බොහෝ රටවල් විදේශ ණය ලබා ගෙන සංවර්ධන ව්‍යාපෘති දියත් කරනවා. අපිත් එහෙමයි. ඇතැම් ණය දෙන ආයතන කොන්දේසි පනවනවා, ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට විදේශ උපදේශකයන් ගේ සේවය ලබා ගන්න කියල, ණය ගන්නෙ අපි, ණය ගෙවන්නෙත් අපි, ඒ නිසා විශාල මුදල් ගෙවා අපට විදේශ ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදෙස් අවශ්‍ය නැහැ. අපේ රටේ දක්ෂ ඉංජිනේරුවො ඉන්නවා. ඔවුන්ගේ සේවය අපේ රටට ලබා ගන්න පුළුවන්.
මම වාරිමාර්ග අමාත්‍යාංශය භාර ගත්තට පස්සෙ ණය දෙන විදේශ ආයතන සමඟ තිබුණ සාකච්ඡාවලදී අපට විදේශ ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන අවශ්‍ය නොමැති බව පෙන්වා දුන්නා. වර්තමානයේ අප මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉංජිනේරුවන් රට හැර යාම වර්ධනය වී තිබෙනවා, ඊට හේතුවී ඇත්තේ සිය වෘත්තීය ගරුත්වයට සහ ජීවන තත්ත්වයට සරිලන ප්‍රමාණවත් වැටුපක් නොලැබීම සහ කළමනාකරණ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ උසස් වීම් අහිමි කර තිබීමයි. රාජ්‍ය ඉංජිනේරු සේවාව තුළ පවතින තනතුරු 1520 කින් තනතුරු 376 ක් මේවන විට පුරප්පාඩු වී තිබෙනවා, ඉංජිනේරුවන් විදේශගත වීම ගැටලුව ක්, මෙම තත්ත්වය කඩිනමින් මඟ හරවා ගැනීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු රජය, සහ විශේෂයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඊට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්න මම බලාපොරොත්තු වෙනවා,
