Spread the love

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වු නව පනත මෙම වර්ෂය අවසාන වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

දැනට පවතින තැපැල් ආඥා පනත මඟින් තැපෑල නව්‍යකරණයට බාධා පවතින බැවින් කඩිනමින් එය සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර එහි කටයුතු මේ වන විටත් සියයට 80කින් අවසන් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

“ස්ථාවර රටකට – සැවොම එක මඟකට” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.

“අපි බලාපොරොත්තු වෙනවා අලුත් තැපැල් පනත මේ වර්ෂය තුළ ඉදිරිපත් කරලා සම්මත කරගෙන ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරගෙන යන්න. අද පාඩු ලබන ආයතනවලින් එකක් තමා තැපැල් දෙපාර්තමේන්තුව. පසුගිය වසරේ 31 වනදා වනවිට ආදායම මිලියන 7,000යි. වියදම මිලියන 14,000යි. පාඩුව මිලියන 7000ක පාඩුව පියවා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා අපිට උපදෙස් ලබාදුන්නා. එතකොට පාඩුව මිලියන 4,000 දක්වා අඩුකරන්න මේ වර්ෂය වනවිටත් 2024 දෙසැම්බර් වනවිට ලාභය හා අලාභය සමපාත කරන්න අපි බලාපොරොත්තු වෙනවා