
එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රට වලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබුණුසැක සහිත පාර්සල් 13 ක් ඊයේ කළ පරික්ෂාවකදී රුපියල් 73,065,000/- වටිනා මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සොයා ගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් රඳවා ගනු ලැබූ (03 ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේදී පරීක්ෂාවට ලක්කෙරිණ. මෙම පාර්සල් සම්බන්ධයෙන් තැපැල් නිලධාරීන් වෙත ලබාදී තිබුණ ලේඛනවල ඒවායේ පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් ව තිබුනි.

පුද්ගලික භාණ්ඩ ලෙස එවා තිබු මෙම භාණ්ඩ පරික්ෂා කිරීමේ දී එම පාර්සල් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබුණ මත්ද්‍රව්‍ය තොගයයේ තිබී කුෂ් (Kush) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 921 ක්, අයිස් (Ice) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 106 ක්, කංසා ඇට වලින් නිස්සාරනය කරන ලද තෙල් (Organic Hemp Oil) ලීටර එකක් (250ml x 4 bottles), මෙතම්ෆිටමයින් (Methamphetamine) නමැති මත්පෙති 5272 ක්, මත් මුද්දර (Stamps) කොටස් 425 ක්, මැන්ඩි (Mandy) ග්‍රෑම් 2 ක් සහ හෂිෂ් (Hashish) ග්‍රෑම් 4 ක් සොයා ගැනීමට සමත්වු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මෙසේ සොයාගත් එම මත්ද්‍රව්‍යවල වෙළඳපල වටිනාකම පිලිවෙලින් රුපියල් 14,115,000/- ක්, රුපියල් 3,180,000/= ක්, රුපියල්. 500,000/- ක්, රුපියල් 51,720,000/- ක්, රුපියල් 3,400,000/= ක්, රුපියල් 30,000/- ක් සහ රුපියල් 120,000/- ලෙස තක්සේරු කරනු ලැබු අතර එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් 73,065,000/- වෙනවා.
අදාල මත්ද්‍ය තොගය රේගු නිලධාරීන් වැඩිදුර පරීක්ෂන පැවැත්වීම සදහා ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාරදී ඇත.