Spread the love

ජර්මනියේ සිට තැපෑලට එවා තිබු පාර්සලයක් පරික්ෂා කිරීමේදි රුපියල් මිලියන 50 ක් වටිනා මත්පෙති තොගයක් සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරින් සමත්වී ඇත.
අදාල පාර්සලය එවා තිබුනේ අංගොඩ ප්‍රදේශයේ පංදිචි පුද්ගලයකු වෙතයි

ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයට අනුයුක්ත ව විදේශයේ සිට මෙරටට තැපැල් මගින් එවන පාර්සල් පරීක්ෂා කිරීමේ රාජකාරියේ නියැලෙමින් සිටි සහකාර රේගු අධිකාරී මහතාට ඇතිවූ සැකය මත විදේශ තැපැල් පාර්සලයක් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.

https://youtu.be/bMxP0OUL8pc
එහිදී එම පාර්සලය කාඩ්බෝඩ් වලින් සාදන ලද පෙට්ටියකින් සමන්විත වූ අතර එය ජර්මනියේ සිට අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වෙත ඒවාතිබිණ. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණ ලේඛනවල එහි පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් ව තිබුණි.


නමුත් ඇතිවු සැකය මත පරික්ෂා කිරිමේදී එම කාඩ්බෝඩ් පෙට්ටියේ බිත්ති අතර ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබු මෙතෆෙටමින් නමැති මත් ද්‍රව්‍ය පෙති තොගයක් සොයා ගැනීමට සමත්වී ඇත. එම මත් පෙති තොගයේ බර ග්‍රෑම් 2387 ක් වූ අතර එහි මත් පෙති 4956 ක් අඩංගුව තිබු බව රේගු නිලධාරීන් පවසයි.
එහි වටිනාකම රුපියල් රුපියල් මිලියන 49.56 බවට සනාත කරගෙන ඇත.

මේ පිලිබදව මුලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිසියේ මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හට භාර දී ඇත.