Spread the love

දේවින්ද පිණිදිය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙරට රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (19) ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ (Central Mail Exchange) දී පැවැත්විණි.

සුවපත් රටක් උදෙසා “Healthy Sri Lanka” යන තේමාව යටතේ මෙම වසරේ පැවැති 22 වැනි “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහන මෙය වන අතර, රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල වෙනුවෙන් පැවැති 05 වන “ආරෝග්‍යා” ජංගම සුව සායනය ද මෙය වේ.