Spread the love


නිමල් රාජපක්ෂ-

ජර්මනිය, එංගලන්තය සිට ව්‍යාජ ලිපියනයක් වෙත එවා තිබු තෑලි පාර්සල් 11 පිළිබදව සැකසීති කල පරික්ෂාවක දි රුපියල් මිලියන 13 ක් වටිනා මත්පෙති තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුව ටගනෙ ඇත.
අදාල රටවල සිට කොළඹ, නුගේගොඩ, පානදුර, අනුරාධපුර හා නුවර යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී .
මධ්‍ය තැපැල් හුවමාරුවේදි විවෘත කරන ලද පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 1055 ක් හා kush නැමැති ගංජා විශේෂය 318 g ක්ද ගංජා ඇට පහළොවක්ද තිබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පවසයි.
රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ඇතිව මෙම පාර්සල් විවෘත කොට තිබිණ. පසුව අදාල මත්ද්‍රව්‍ය තොගය වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය .