Spread the love

නුවරඑලිය ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (18) දින නුවරඑලිය ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

එම මහ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ වේලු යෝගරාජ් මහතා ඒකමතිකව තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිනිය වශයෙන් ජාතික ජන බලවේගයේ හේවගේ ආශා දිල්රුක්ෂි මහත්මිය විවෘත ඡන්ද 13ක් ලබා ගනිමින් තේරි පත්විය.

එම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා තේරිම සදහා ජාතික ජන බලවේගයෙන් ඡන්ද දෙකකුත් යෝජනා වූ නිසා උප සභාපතිවරයා තෝරාපත් කර ගැනීම විවෘතව පැවැත්විමට බහුතර සභිකයින්ගේ එකගතාවය මත පැවැත්විණ.

උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේදි සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ දෙදෙනාට ඡන්ද 5ක් සහ ඡන්ද 4ක් වශයෙන් ලැබුණු අතර, ස්වාධීන මන්ත්‍රීවරුන් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

නවුරඑලිය ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ සභාපතිවරයා කියා සිටියේ ජාතික ජන බලවේගය සමග එක් වී නවුරඑලිය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ඉටු කරන බවයි.

නුවරඑලිය ප්‍රාදේශීය සභාව ( මන්ත්‍රීධූර 24)

ජාතික ජන බලවේගය – 07
ලංකා කම්කරු කොංග්‍රසය – 06
සමගි ජන බලවේගය – 05
ස්වාධීන (01) – 02
ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ – 01
එක්සත් ජාතික පක්ෂය – 01
ස්වාධීන (02) – 01
ස්වාධීන (03) – 01