Spread the love

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන දන්සැල් අනිවාර්යයෙන් ලියාපදිංචි කල යුතු බවත් ,ඒ සදහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් දන්සැල ලියාපදිංචි කර ගන්නා ලෙස දැනුම් දෙයි.
එසේ ලියාපදිංචි නොකරන දන්සැල් පැවැත්වීම තහනම් කිරීමට සිදුවන බව පැවසීය.
වෙසක් පොහොය දිනට දින 05කටවත් පෙර දන්සැල් ලියාපදිංචි කිරීම ඉතා වැදගත් වෙයි.
මේ අතර පවතින අධික උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි වශයෙන් සිසිල් බීම දන්සැල් සංවිධානය කරන්නේනම් ඒ සඳහා පිරිසිදු ජලය භාවිතා කිරීමට කටයුතු කළයුතුය.
මේ දිනවල පාචනය ඇතුළු බෝවන රෝග රැසක් පැතිර යමින් ඇතිබව ද වැඩිදුරටත් පැවසීය.