නිමල් රාජපක්ෂ-
රාජ්‍යසේවකයන්ට වැටුප් ලබාදෙන්නේ ජනතා බදු මුදලින් බැවින් රජය දරණ වැටුප් වියදමට සරිලන අයුරින් සියලු දෙනාම සේවය කලයුතු බව ග්‍රාමීය සංවර්ධන , සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේදී ඊයේ (21) පැවැති සමස්ත ලංකා සමෘද්ධි කලමනාකරුවන්ගේ සංගමයේ 28 වැනි ජාතික සම්මේලනයට සහභාගිවු අවස්ථාවේදීය.
මෙහිදී ඇදහස් දැක්වු ඇමතිවරයා සමෘද්ධි ව්‍යපාරයේ බොහෝ ගැටලු ක්‍රමානුකූලව විසඳන බවත් නව ආන්ඩුවේ ජනවරම සියලු රාජ්‍ය සේවකයන් වටහා ගනිමින් කටයුතු කලයුතු බවත් පෙන්වා දුන්නේය.
සමස්ත ලංකා සමෘද්ධි කලමනාකරුවන්ගේ සංගමයේ සභාපති සෝමසිරි ලියනගේ මහතා අදහස් දක්වමින්, සමෘද්ධි ව්‍යාපාරය සහ සේවකයන් පසුගිය රජයන් සමයන්හිදි මූනදුන් පීඩාකාරි වතාවරනයන්ගෙන් මිදෙන්නට නව රජය සමග සමෘද්ධි ව්‍යාපාරය අත්වැල් බැඳ ගැනීම ඓතිහාසික අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකියි.
නව රජය සමෘද්ධි ව්‍යාපාරයේ ගැටලු දැනටමත් විසදමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
මෙම සම්මේලනයේදි සමෘද්ධ් නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චාමර කලු මද්දුගේ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලේඛා ගීතාංජලී පෙරේරා යන මහත්ම මහත්මීන්ද අදහස් දක්වන ලදී.
දිවයින පුරා සමෘද්ධි වැඩසටන සදහා නායකත්වය ලබාදෙන කලමනාකරුවන් දහසක් පමණද , සමිති නායකයන් කීපදෙනෙක්ද වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගිවුහ.
