Spread the love

පවතින වැසි සහිත කාලගුණ තත්ය හමුවේ දරුවන් අතර රෝග රැසක් පැතිර යාමේ අවධානමක් ඇතිබව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඒ අනුව ස්වසන රෝග, ළමා හතිය සහ නියුමෝනියා රෝගී දරුවන්ගෙ වැඩි වීමක් ඇතිබවද පැවසුවේය..

දවස් දෙක තුනකට වඩා උණ පැවතියහොත් වඩාත් කල්පනාකාරී විය යුතුය.

වෛරස් උණ රෝගයක් පැතිරයමින් ඇතිබවත් ,එසේ උවහොත් නියමිත පරිදි පැරසිටමෝල් මාත්‍රාවක් පමණක් ලබා දෙන ලෙස දැනුම් දෙයි. 

මීට අමතරව රුධිර පරීක්ෂා කිරීමක් සිදුකර ගන්නා ලෙස දැනුම් දෙයි.