Spread the love

9 වසර දරුවන් සඳහා කාණ්ඩ විෂයන් තෝරාගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා .උඩුගම්පොළ සෙනරත් පරණවිතාන මහා විද්‍යාලයේදී පැවැත්විණි
මෙහිදී දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණදීමට අවශ්‍ය කාණ්ඩ විෂයන් තෝරාගැනීමේදී, ඔවුන්ගේ රුචිකත්වය, නිර්මාණශීලීත්වය හා දක්ෂතාවයට ඉඩ දෙමින් එය සිඳුකළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සහ මග පෙන්වීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ විය.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරී රෝහණ ජයලත්, ඩබ්.එම්.ජී. බණ්ඩාර සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරී එරන්දි මල්ලවආරච්චි, ලලනි කුඩාහෙට්ටි, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරී ශ්‍රීමාලි වික්‍රමසිංහ යන මහත්ම, මහත්මීන් විසින් සිදුකරන ලදී.