Spread the love

බටුවත්ත සුදර්ශනී අධ්‍යාපන ආයතනයේ  පුහුණුව ලබන දරුවන් 45දෙනෙකු වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් අද (01) පෙරවරුවේ එම ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂනී ආරියරත්න මහත්මිය හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය නිවාරණ සහායක කණ්ඩායම  විසිනි.

බටුවත්ත සුදර්ශනී අධ්‍යාපන ආයතනයේ ප්‍රධානී ඩබ්ලිව්.එම්.සී. රොෂාන් මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.