Spread the love

මහනුවර සිරි දළදා වන්දනාව පැවැත්වෙන දිනවලදී ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය හා ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් සුරාබදු දෙපාර්‌තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මේ සඳහා මධ්‍යම පළාත් සහකාර සුරාබදු ‌කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂිත සුරාබදු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් සහ කොළඹ, උතුරු මැද හා වයඹ විශේෂ මෙහෙයුම් ඒකකයන් වල නිලධාරීන්ද යෙදවීමට සැලසුම් කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටී.

අංක 1913 දරණ සුරාබදු දෙපාර්‌තමේන්තුවේ හදිසි කෙටි දුරකථන අංකයටද 071 4395603 සහ 0718008029 යන අංක වෙත ද මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ලබාදිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.