නිමල් රාජපක්ෂ –
ශ්‍රී ලාංකීය Freight Forwarder සංගම් සහ ශ්‍රී ලංකා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමෙහි ආරාධනය මත වරාය සහ සිවිල්ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා කටුනායක Air Cargo Village හි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
මෙම අවස්ථාවට ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගමෙ හි උප සභාපතිතුමා ඇතුළු ගුවන්තොටුපල කළමණාකාරීත්වය සහ Freight Forwarder සංගම් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සම්බන්ධ විය.
මේ වන විට ඉදිකරමින් ඇති Import Cargo Terminal හි ප්‍රගතිය සොයා බැලු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම පරිශ්‍රය ඉදිරියේ දී භාවිත කිරීමට බලාපොරොත්තු වන ආකාරය පිලිබඳව නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. අනතුරුව දැනට මෙහෙයුම් සිදුවන ගබඩා සංකීර්ණ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අවධානයට ලක් විය. එම ගබඩා සංකීර්ණ නිසි නඩත්තුවකට ලක් නොවන බවට Freight Forwarder සංගම් නියෝජිතයින් නියෝජ්‍ය අමාත්‍යතුමාගේ අවධානයට ලක් කර ඇත.
ශ්‍රී ලාංකේය අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා විශාල දායකත්වයක් සපයන මෙම පිරිසට අවශ්‍ය පහසුකම් සැපයීමේ යම් අඩුවක් පෙනී යන බව පැවසු නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අවශ්‍ය පහසුකම් සැපයීමට නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සහ යෝජනා පිලිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපලේ සිට දුම්රිය මාර්ගයෙන් Cargo ගෙන ඒමට ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කළේය. දුම්රිය මඟින් Cargo ගෙන ඒමට ඇති අවස්ථාව සහ අභියෝග පිලිබඳව අමාත්‍ය බිමල් රත්නායක මහතා සමඟ සාකච්ඡා කිරීමට ද නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා එකඟ විය. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණීම පිලිබඳව Freight Forwarder සංගම් නියෝජිතයින්ගේ පැසසුමට ලක් වු අතර ඔවුන් පවසා සිටියේ මෙම පරිශ්‍රය විවෘත කිරීමෙන් පසු ඔවුන්ගේ ගැටලු නිරීක්ෂණය කිරීමට පැමිණි ප්‍රථම අමාත්‍යවරයා ජනිත රුවන් කොඩිතුවක්කු මහතා බවයි.
