Spread the love

එළඹෙන දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුව සිදුවන අයුරු පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම විසින් තොරතුරු නිකුත් කර තිබේ.

ඒ අනුව නොවැම්බර් 05 සිට 07 වනදා දක්වා විදුලි කප්පාදුව පැයකට සීමා කර තිබේ.

මේ අනුව එම කාලසීමාව තුළදී A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 05.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.

එසේම මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ නොවැම්බර් මස 08 වනදා පැය 02ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සඳහා අවසර ලබා දී ඇති බවය.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක් සහ රාත්‍රී කාලයේ පැයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇති.