දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීම වැඩිකිරීමට තීරණය කර ඇතිබව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
ඒ අනුව දෛනිකව ඉන්ධන ලීටර් මිලියන 05ක් ප්‍රවාහනය කිරීමට සැලසුම් ඇත. මන්ද මේ වනවිට දෛනිකව ඉන්ධන ලීටර් මිලියන 03.4 ප්‍රවාහනය කරනවා. නමුත් ඉදිරිියේදී ඉන්ධන ලීටර් මිලියන 4ත් 5 ත් අතර ප්‍රමාණයක් දුම්රිය මගින් ප්‍රවාහන කිරිමට සැලසුම් කිරීම තුළින් රථ වාහන තද බදයටද පිලියම් යෙදෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.