Spread the love

දුම්රිය ආසන වෙන්කිරීමේදී මගීන් වෙත පැන නගින ගැටළු සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ දුම්රිය මගීන් විසින්ම දුම්රිය දෙපාර්තුමෙන්තුවට හදුන්වා දෙයි.

දුම්රියේ ගමන් ගන්නා මගීන්ට මේ වනවිට නැතුවම බැරි mobile app වන RDMNS.LK Live Train Alerts Mobile App එකේ නවතම විශේෂාංගය නොවැම්බර් මස 23 වන දින ජනතා අයිතියට පත්කෙරිණි.

මෙම විශේෂාංගය ආසන වෙන් කිරීමේ දුම්රියන් පිළිබඳ සියලු තොරතුරු ඉතා පහසුවෙන් දැනගත හැකිවන සේ නිර්මාණය කර ඇති අතර මේ තුළින්

✅ දුම්රිය මැදිරි තුළට පිවිස නැරඹීමේ හැකියාව
✅ ආසන වෙන් කිරීමේ ගාස්තු
✅ දුම්රිය මැදිරි වල ඡායාරූප
✅ ආසන වර්ග
✅ ආසන අංක
✅ එක් එක් ක්‍රමවේද ඔස්සේ ආසන වෙන් කිරීමේ උපදෙස්
✅ වීඩියෝ දර්ශන
✅ නිතර අසන ප්‍රශ්ණ
✅ දුම්රිය කාලසටහන

වැනි තොරතුරු රැසක් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා වලින් පරිශීලනය කර පහසුවෙන් ලබාගත හැකිවන අයුරින් නිර්මාණය කර ඇත.

මීට අමතරව RDMNS LK ජංගම දුරකථන යෙදවුම මගින් සජීවී දුම්රියන් තිබෙන ස්ථානය, සජීවී ප්‍රමාදය සහ ඒ අනුව ඉදිරියට ඇති දුම්රිය ස්ථාන සඳහා ලඟාවීමේ අපේක්ෂිත වේලාවන්, සජීවී පුවත් ඇතුළු දුම්රිය සම්බන්ධ සේවා රැසක් ලබාගැනීමේ හැකියාව පවතින බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.