Spread the love

සති දෙකක පරීක්ෂණ ධාවන කාලසටහනකට අනුව පුත්තලම් මාර්ගයේ මෙන්ම ප්‍රධාන සහ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහියපක් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත. එම කාලසටහන ඊයේ (25) සිට ක්‍රියාත්මකවෙයි.

එම මාර්ගවල මගී ජනතාව සඳහා වඩාත් සුදුසුම කාල සටහන සකස් කිරීමේ අරමුණ පදනම් කර ගනිමින් එම මාර්ගවල දුම්රිය ගමන් වාර කිහිපයක් සංශෝධනය කොට ඇත.

මීට ඉහත දී කැළණිවැලි දුම්රිය මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේ ද මෙසේ දුම්රිය කාලසටහන සංශෝධනය කොට මගී ජනතාවගෙන් පැමිණන අදහස් හා යෝජනා මෙන්ම පැමිණිලි ද ලබා ගනිමින් වඩාත් සුදුසු කාලසටහනක් ලබා දීම අරමුණු කොට මෙය ක්‍රියාත්මක වේ