නිමල් රාජපක්ෂ-
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීඝ්රගාමී දුම්රියේ එංජිමේ රෝද කට්ටලයේ දෝෂයක් හේතුවෙන් අද උදෑසන හීන්දෙනිය පට්ටිගොඩ දි ඇන හිට තිබු දුම්රිය දහවල් 2.20 පමණ මරදාන දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ප්රධාන මාර්ගය ගේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
ඒ අනුව අද සවස කාර්යාල දුම්රිය ප්රමාදයකින් තොරව සුපුරුදු පරිදි ධාවනය කරනු ඇත.
උදෑසන දුම්රියේ එංජිමේ රෝද කට්ටලය සිරවීමෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මුළු මනින්ම අදාලවී සියළුම දුම්රියයන් විශාල වශයෙන් ප්රමාද වි ධාවනය කෙරිණ. ඒ අනුව මොරටු ව බලා ධාවනය වු කාර්යාල සිඝ්රගාමී දුම්රිය ගණේමුල්ල දුම්රිය ස්ථානයට පෙරවරු 7.26 පැමිණිමට නියමිත වුවත් දවහල් 10.45 පැමිණීම පුදුමයට පත්වීයයුතු කරුණන් නොවීය.
මොරටුව බලා ධාවනය වීමට තිබුවත් අද දිනයේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ගමන් අවසන් විය.
ප්රධාන මාර්ගයේ සියළුම දුම්රිය යන් ප්රමාදවී ධාවනය කෙරුණ අතර ගම්පහ සිට වේයන්ගොඩ දුම්රිය ස්ථාන අතර එක් මාර්ගයකින් පමණක් දුම්රිය ධාවනය කීරිමට සිදුවිය. මේ හේතුන් නිසා කාර්යාල බලා යන මගීන් බොහෝදෙනෙකු රාජකාරි ස්ථාන කරා නොගොසින් ආපසු නිවෙස් කරා යාමට සිදුවිය.
නමුත් මේ වනවිට කාර්මික දෝෂයකට ලක්වු දුම්රිය ඉවත් කිරීම හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කොට ඇතැයිද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.
