Spread the love

මරදාන සිට පානදුර බලා ධාවනය වු බලවේග කට්ටල දුම්රියයක් අද දහවල් 1.30 ට පමණ මරදාන කොටුව දුම්රිය ස්ථාන අතරදී පිලි පැනිම නිසා සියළුම දුම්රියයන් බොහෝ වේලා ප්‍රමාදවී ධාවනය කෙරිණ.
අද උදේ මාතර බලා ධාවනය වු දුම්රිය පිලි පැන්න ආසන්නයේම මේ දුම්රියයත් පිලී පැන තිබිණ . මේ වා පීලි ගත් කිරීමට නොහැකි ආකාරයෙන් වර්ෂාවද හරස්වී තිබිණ.


මේ හේතුව නිසා මරදාන කොටුව දුම්රිය ස්ථාන අතර එක් දුම්රිය මාර්ගයකින් පමණක් දුම්රිය ධාවනය කෙරුණ අතර එහිදි කාර්යාල හා වෙනත් රාජකාරි සදහා පැමිණි මගීන් නිවෙස් කරා ගම්න් කිරීටම නොහැකිව බදැඩි දුෂ්කරතාවයන්ට පත්වුහ.
බොහෝ දුම්රියයන් මරදාන දුම්රිය ස්ථානයෙන්ද ගමන් ආරම්භ කෙරිණ
මගීන් මෙසේ අපහසුතාවයන්ට පත්වී සිටින අවස්ථාවේ මරදාන දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මගීන් හට මේ වේදිකාවට යන්න අර වේදිකාවට යන්න යනුවෙන් නොයෙක් ආකාරයේ වැරිදි විදිහට විකාශනය වු නිසා මගීන් දැඩි අපහසුතාවයන්ට පත්වුහ. ගමන් කිරිීමට දුම්රියයක් නොමැතිව පැයක් එකහමාරක් සිටින විට වේදිකාවල් වලින් මේ වේදකාවෙන් යළිත් අර වේදිකාවෙන් යනුවෙන් වැරදි ලෙස විකාශනය කිරිම නිසා මගින් දැඩි සේ කුපිත වී සිටියහ.