නිමල් රාජපක්ෂ-
කොම්පඤ්ඤවීදිය කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර අද පෙරවරු 8-00 පමණ දුම්රිය පිලිපැනිමක් සිදුවී ඇත.

මේ හේතුව නිසා කොටුව සිට වැල්ලවත්ත දක්වා එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවනය කරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
මේ වනවිට පීලි පැන්න දුම්රිය පිලි ගත කර තිබෙන අතර මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් මුහුදුබඩ මාර්ගයේ ධාවනය කරන දුම්රිය කොටුව වැල්ලවත්ත අතර තනිමාර්ගයක ධාවනය කෙරේ.
