නිමල් රාජපක්ෂ-
දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ පුරප්පාඩු පුරවා නොමැති කමින් සේවයේ නිරන දුම්රිය ආරක්ෂක නිලධාරීන් දැඩි කලකිරීමකින් රාජකාරී කිරීමට සිදු වී ඇතැයි වාර්තාවෙයි.
දුම්රිය ආරක්ෂක නිලධාරින්ගේ කාඩර්එකේ අටසියයකට ආසන්න ප්‍රමානයක් සේවයේ නිරතවි සිටිය යුතු වුවත් දැනට සේවයකිරිම සදහා තුන්සියයක ට ආසන්න පිරිසක් සිටීම නිසා බොහෝ නිලධාරීන් දැඩි අපහසුතාව මධ්‍යයේ රාජකාරී ඉටු කිරීටම සිදුවි ඇතැයිද පැවසෙයි.
මේ වසරේත් තවත් දුම්රිය ආරක්ෂක නිළධාරීන් පනස් ගණනක් විශ්‍රාම යාමට නියමිතය. මෙසේ සේවක පුරප්පාඩු මැද්දේ රාජකාරි කිරිමෙීදි ඇතැම් ඉහළ නිලධාරින්ගේ අඩම් තේට්ටම් යටතේද රාජකාරී කිරීමට සිදුවිම පිළිබදව බොහෝ ආරක්ෂක නිලධාරින් දැඩි කළකිරීමකින් සේවය කරන බවද වාර්තාවෙයි.
දැනට සේවයේ නිරත ආරක්ෂක නිලධාරීන් හට අතිකාල දීමනා මසකටය පැය 120 ක් ලබාදීමට දෙපාර්තුමේන්තුව කටයුතු කළද බොහෝ නිලධාරීන්හට එම අතිකාල පැය ගනණ සම්පුර්ණ වී ත් රාජකාරිය කිරීමට සිදුවී තිබේ . එසේ රාජකාරි කිරීමේදි කිසිදු ගෙවිමක් සිදු නොවන බවද ආරක්ෂක නිලධාරින් පවසයි.
දුරගමන් සේවා දුම්රිය වල රාජකාරිද , දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා රාජකාරී කිරීමට සිටින්නේ ඉතා මත් අතලොස්සක නිලධාරින් පිිරිසකි .එයනුත් තවත් සේවා පිරිසක් සේවා කිරීමේදි එල්ලවන දැඩි තර්ජන හමුවේ කළකිරීම් සිය කැමැත්තෙන් විශ්‍රාම යාමට සුදානමින් සිටින බවටද වාර්තාවෙයි. මේ හේතුන් නිසා සමහරක් දුම්රිය ආරක්ෂක නිලධාරින් එක දිගට දින තුන හතර සේවා කිරීමටද සිදුවී ඇතැයිද වාර්තාවෙයි.
අඩුම තරමින් දැනට ලබා දී තිබේන අතිකාල පැය 120 ට සිමා නොකර ලබා දීමට කටයුතු කරන්නේනම් සිය සේවාව ඉටුකරලීමට හැකිවනු නොඅනුමානයි.
ප්‍රවාහන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන ,දුම්රිය සාමාන්‍යාධාකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර යන මහත්වරුණි ඹබතුමන්ලාගේ අවධානය මේ පිලිබදව යොමු කරන්නැයි දුම්රිය ආරක්ෂක නිලධාරින් ඉල්ලා සිටිති.
