නිමල් රාජපක්ෂ
දුම්රිය වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ දිනය දීර්ඝ කෙරේ.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මගී ජනතාව වෙත 2025 නොවැම්බර් මස අවසන් වන වාර ප්‍රවේශපත් 2025 දෙසැම්බර් මස 07 වන දින දක්වා ගමන් කිරීමේ පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදී.
2025 දෙසැම්බර් මාසයට අදාල සියලුම වාර ප්‍රවේශපත්‍ර 2025 දෙසැම්බර් මස 14 වන දින දක්වා නිකුත් කිරීම දීර්ඝ කර ඇති අතර පාසල් වාර ප්‍රවේශපත් නිකුත් කිරීමේ කාලය පමණක් 2025 දෙසැම්බර් මස 19 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු යොදා ඇත.
