නිමල් රාජපක්ෂ
දුම්රිය ස්ථානධිපතිවරු දියත් කරන වැඩ වර්ජනය අසාධාරන බවත් ඹවුන් වර්ජනය කලොත් දුම්රිය නියාමකවරු හා දුම්රිය රියදුරන් සුපුරුදු පරිදි දුම්රිය ධාවනය කරන බවත් දුම්රිය නියාමක සංගමයේ සභාපති එන්.එස් කේ. තිලකරත්න මහතා පවසයි.
දුම්රිය යන් සියයට 90 ක් ධාවනය කරන බව නියාමක හා රියදුරු සංගම් ඒ සදහා එකග තාවයපලකර ඇති බවත් ,ස්ථානාධිපතිවරු වර්ජනය දියත් කලවිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකලත් දුම්රිය ධාවනය නිසි අයුරින් ධාවනය කිරීමට පියවර ගන්නා බවත් තිලකරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.
රියදුරන් හා නියාමකවරුන් විභාගයක් ලියා වසර පහකට පසුව සිය උසස් වීම් ලබා ගන්නා ක්‍රමවේදය දුම්රිය ස්ථානාධිපතිවරුන් එවැනි පරික්ෂනයකට නොසිට ඉල්ලිම ඉතා අසාධානයි.බදවා ගැනීමේ පටිපාටියෙන් විභාගය ලියා වසර පහෙන් විභාගය ලියු පසු එම උසස්වීම් ලබා ගත හැකියි රාජ්‍ය සේවා කොමිසමෙන් මේ සදහා අනුමැතිය අවශ්‍යවෙයි. එහෙම නොමැතිව දෙපාර්තුමේන්තුවෙන් තර්ජනය කර ඉල්ලිම අසාධාරන බවද නියාමක සංගමයේ සභාපති එන්.එස් කේ. තිලකරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.
