දුෂිත නිලධාරියාගේ පත්විම වහාම අවලංගු කලයුතු බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. මේ හේතුව නිසා සංඛේත වර්ජනයක්ද දියත් කොට තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (10) සවස ධාවනයට නියමිතව තිබූ දුම්රිය කිහිපයක් අවලංගු වන බව එම සංගමය පවසනවා. ඒ අනුව කාර්යාල දුම්රිය 5 ක් සහ සියළුම රාත්රී තැපැල් දුම්රියන් අද දින ධාවනය නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම එම දුම්රියවලට අමතරව තවත් දුම්රිය අවලංගු විය හැකි බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
වීඩියෝව නරඹන්න subscribe කරන්න
