නිමල් රාජපක්ෂ
දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය සවිබල ගන්වමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ද ඇතුළුව උපාධිධාරීන් 303 ක් ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවය වෙත බඳවා ගැනීමේ නව පත්වීම ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේ (නිල මැදුර) දී සිදු කෙරිණි.
මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලද්දේ පසුගිය වසර වල විවිධ අකාරයට එක් එක් අවශ්‍යතාවයන් මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු කිරීම හේතුවෙන් රාජ්‍ය සේවක ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාලව තිබූ බවත්, වත්මන් රජය රාජ්‍ය සේවයට බඳවා ගැනීම් විධිමත් කිරීමට ක්‍රමවේදයක් සකස් කළ බවයි.
ඒ අනුව සමස්තයක් ලෙස රජය රාජ්‍ය සේවයට අළුතින් 72,000 ක් බඳවා ගැනිමට කටයුතු කළ බව ද එයින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් 9,000 ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන ඉන් 7,000 කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇති බව ද ඒ අතර පසුගිය මාස 06 තුළ හෙද නිලධාරින් සහ නිලධාරිනියන් 4,141 ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කර ඇති බව ද පැවැසීය.
2018 වසරට පසුව දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රය සඳහා විශාලතම වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් එකවර බඳවා ගැනීම අද දින සිදු වූ අතර, මෙරට ආයුර්වේද සේවාවේ අනාගත ප්රතිඵලදායකත්වය වර්ධනය කිරීමටත්, ගුණාත්මක රෝගී සත්කාර සේවයක් ලබාදීම සඳහාත්, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී තනතුරු පුරප්පාඩු සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයූතු යොදනු ලැබිය.
