Spread the love

ශ්‍රී ලංකා උපනායක ධනංජය ද සිල්වා සිය 10 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට අද (17) සමත්විය.

ඒ පාකිස්තානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීය.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙයි.

සිය ශතකය සඳහා ධනංජය පන්දු 175කට මුහුණදුන් අතර ඊට 4 පහර 10ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණි.