Spread the love

ඕස්ට්‍රේලියානු බන්ධනාගාරක මේ වන විට රඳවා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට වසර 12 සිට 20 දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක් වීමේ අවදානමක් ඇති බවට එරට ආරංචි මාර්ග පවසනවා.

කාන්තාවකට සිව්වතාවක් ලිංගික අතවර කළේ යැයි එල්ලවී ඇති චෝදනා අධිකරණය හමුවේ සනාථ වුවහොත් මෙම දඬුවමට ලක් වීමට ඔහුට සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.

අදාල චෝදනාවන්ට ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු මේ වන විට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර රැඳවුම්භාරයේ එරට සිඩ්නි බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී පාර්ශවයේ නීතිවේදීන් කියා සිටින්නේ මෙම චෝදනාවලට වරද පිළි නොගන්නා බවත් නිර්දෝෂීභාවය පෙන්වීම සඳහා ඉහළම අධිකරණයේ අභියාචනා කරන බවයි.