Spread the love

ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවට බලා ගිය කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එරට දී ලිංගික උගුලකට හසු වූයේ දැයි සැක සහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නීති අංශ ප්‍රධානී නීතිඥ චානක සේනානායක මහතා සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාවේ නීතිය අනුව අතවරයක් වීම සඳහා ලිංගිකව එක් වීම අනිවාර්ය නොවන බවත් පවසන ඔහු සිව්වරක් අතවර කලා යනු ලිංගික එක් වීමක් පමණක් නොවන බවද කියා සිටී.

මෙම නඩුවට අවම වශයෙන් මාස 12 ක පමණ කාලයක් ගතවනු ඇති බවත් එතෙක් ධනුෂ්කට ඕස්ට්‍රේලියාවට පිටවීමට ඉඩ නොලැබෙනු ඇති බවද ඔහු පැවසීය.

ක‍්‍රිකට් ක්‍රීඩකයන් විදේශ වූ විට මේ ආකාරයෙන් කටයුතු සිදු වීම සාමාන්‍ය බවත් නමුත් අහුවෙන්න නොකළ බවත් හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටින්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.