නිමල් රාජපක්ෂ-
අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල හෙට දින (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කෙරේ.
.එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි වීමට නියමිතය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති මෙම ආයතනයේ ගොඩනැගිල්ල ඉදි කිරීමට වැය කර තිබෙන රුපියල් මිලියන 550කි. තවත් රුපියල් මිලියන 200ක මුදලක් ඊට අවශ්‍ය ගෘහභාණ්ඩ සඳහා වැය කෙරන බව . කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වැවිලි කර්මාන්තය හා සම්බන්ධව අධ්‍යාපන අවස්ථා පුළුල් කරන විශ්ව විද්‍යාල අධ්‍යයන ආයතනයක් දක්වා මෙම ආයතනය පුළුල් කිරීමට නියමිත අතර මේ සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
