නිමල් රාජපක්ෂ-
.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අද පස්වරු 3 ට පමණ ග්රේස්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතරදි නැරඹුම් මැදිරිය පිලී පැනීමකට ලක්ව ඇත.

නැරඹුම් මැදිරිය පීලි ගත කිරීම සදහා කඩිනමින් මාර්ග හා කර්මාන්ත අංශයේ සේවකයින් එම ස්ථානයට යැවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

නැරඹුම් මැදිරිය පිලි පැන මීටර් සියයට වැඩි දුරක් ගොස් දුම්රිය නතරවි තිබේ. නමුත් දුම්රිිය මාරගයේ කොන්ක්රීට සිල්බර කොටන් බොහොමයකටද හානි සිදුවී තිබිණ . නැරඹුම් මැරිරිය මේ අයුරින් ගමන් කිරිම නිසා මගිීන්හට හානියක් සිදුවී නොමැත.
