Spread the love
න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් ගැන බියක්

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් අත්හදා බලතැයි යන සැකය මතුවන බව දකුණු කොරියානු බලධාරීන් පවසයි.

ඔවුන් එසේ පවසා ඇත්තේ උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නැවතත් අත්හදා බලා ඇති බවට වාර්තා පළවීමත් සමගය. 

එම මිසයිලය, උතුරු කොරියාව මේ වසර තුළදී අත්හදාබැලූ හත්වැනි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය බවත් ඔවුන්ගේ රටේ සිට ලොව අනෙක් පැත්තට පවා ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව දැන් ඔවුන් සතුබව විදෙස් මාධ්‍ය පැවසීය.

ඒ හේතුවෙන් ඔවුන් නුදුරේදීම න්‍යෂ්ටික අවියක් ද අත්හදා බැලීමට ඉඩ ඇති බව සඳහන් ය.