Spread the love

කිඳීගොඩ ප්‍රදේශයේ දඬු ගං ඔයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක්  සීදුව පොලිසිය ඊයේසොයා ගෙන තිබේ.

මෙසේ

මිය ගොස් ඇත්තේ, අවුරුදු 45ත් 50ත් අතර වයසේ පසු වන උස අඩි 05 අඟල් 10ක් පමණ වන පුද්ගලයෙකි

ඔහු කහ සහ කළු පැහැති බතික් සරමක් හා කොළ පැහැති ටී-ෂර්ට් එකක් ඇඳගෙන සිටි බව පොලීසිය පැවසීය.

මළ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.