Spread the love

පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝහිණි කවිරත්නගේ නම යෝජනා කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (14) සියලු පක්ෂවලින් නියෝජ්‍ය කතානායක ධූරය සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරා පත් කරගන්නා ලෙස දැනුම් දී තිබුණු අතර ඒ සඳහා කාන්තා මන්ත්‍රීවරියක් තෝරා පත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසද අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.