වී මිල ප්‍රමාණවත් නොවන බව පවසමින් ගොවි සංවිධාන රැසක් රජය චෝදනා එල්ල කරති.
නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරැණාරත්න මහතා විපක්ෂයේ සිටියදී ගොයම් කෑ බැව අනුරාධපුර ගොවිජන එකමුතුවේ සභාපති සුනිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ගොවියන්ගේ ප්‍රශ්න කතා කරන්න පැමිණෙන්නැයි අභියෝග කරන බවද පැවසූ ඔහු එසේ පැමිණියහොත් පිදුරු කවා යවන බවද හෙතෙම කියා සිටියේය.
අනුරාධපුරේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
