“නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් උදෙසා කාලීන ප්‍රතිසංස්කරණ” යන මැයෙන් ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිපත්ති පිළිබඳ විද්වත් සාකච්ඡාවක් හෙට (28) පෙරවරු 10.30 සිට නීති විද්‍යාල ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා නීති ශිෂ්‍ය සංගමය පවසයි.
සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය හා පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහභාගී වීමට නියමිතයි.
