Spread the love

නීතීඥවරුන් අධිකරණ සංකීර්ණයේදී පරික්ෂාවලට ලක් නොකිරීම උපයෝගී කර ගනිමින් වෙඩික්කරු ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

ඒ අනුව මින් ඉදිරියට නීතීඥයින්ද අධිකරණ සංකීර්ණයට ඇතුළුවීමේදී පරික්ෂා කිරීමට අදාළ අනුමැතීන් ලබා ගැනීමට කටයුතු කරන බවයි අද (19) අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ.

එසේම අධිකරණ සංකීර්ණය තුළ අවි සහිත පොලිස් නිලධාරීන් රැඳවීම සම්බන්ධයෙන් අනුමැතීන් ලබා ගැනීමට කටයුතු කරන බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.