Spread the love

නාගොඩ -සුමන

බදුල්ල ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නාය යෑමේ පූර්ව ලක්ෂ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකර සමිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දුන් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

ඇල්ල-වැල්ලවාය මාර්ගය ආසන්නයේ එම නාය යෑමේ පූර්ව ලක්ෂණ මතුවී තිබේ.

යම් ආකාරයකින් නාය යෑම සක්‍රීය වුවහොත් ඇතිවිය හැකි හානි අවම කිරීමට ගත හැකි සියලු පියවර ගන්නා ලෙස බලධාරීන්ට දැනුම් දී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ඇතුළු විද්‍යාඥයින් පිරිසක් නුදුරු දිනකදී ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර තවදුරටත් යුධ හමුදා නිලධාරීන් ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් එම ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටියි.