නුවරඑලිය නගර සීමාවට (28) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නුවරඑලිය නගර සභා ක්රීඩාංගණය, නගරයට පිවිසෙන ප්රධාන මාර්ගය වැසි ජලයෙන් යටවිය.
ජලය ගලා බසින ඇළ මාර්ග අවහිර වීම නිසා වැසි ජලය ප්රධාන මාර්ගය හරහා ගලා යෑම හේතුවෙන් නුවරඑලිය නගරයට ප්රධාන වශයෙන් පිවිසෙන නුවරඑලිය ධර්මපාල වටරවුම් මාර්ගය සම්පුර්ණයෙන් ජලයෙන් යට වීම නිසා රථවාහාන ගමනා ගමනයට දැඩි ලෙස බාධා පැමිණ තිබුණි.
