තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස තවත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මෙම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 04ක්, නිෂ්පාදන රැකියා සඳහා 04ක් හා ඉදිකිරීම් ක්ෂේත්රයේ පුහුණුලාභී තරුණයින් 08ක් අයත්ය.
ඒ අනුව මෙම පිරිසට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ඊයේ (25) සිදු කළේය.
ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් ලෙස මෙම පිරිස ජපානය වෙත යොමුකරනු ලබයි.
