Spread the love
ගුවන්තොටුපොළ කටයුතු යථා තත්ත්වයට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය නැවත යථාතත්ත්වයට පත්කර තිබේ.

එම පද්ධතිය අද (09) උදෑසන 9.00ට පමණ අක්‍රිය වූ අතර එම දෙපාර්තමේන්තු නිලධාරීන්ට එය පස්වරු 1.00 ට පමණ යළිත් සක්‍රිය කරගැනීමට හැකිවී තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත තුළ ක්‍රියාත්මක වෙමින් පැවති මෙම පරිගණක පද්ධතිය අද මෙන්ම ඊයේ (08) ද හදිසියේම අක්‍රීය වූණි.

ඒ හේතුවෙන් ගුවන් මගීන් බලවත් අසීරුතාවලට ලක්ව සිටි අතර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා එම නිලධාරීන් සිය රාජකාරී කටයුතු සාමාන්‍ය ලෙස සිදුකළේය.

පරිගණක පද්ධතියේ දෝෂය කටුනායකටත් බලපායි (පෙර පුවත)

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිව තිබෙන දෝෂය කටුනායක ගුවන්තොටුපොළ සේවාවන්ට ද බලපෑම් එල්ල කර තිබේ.

ඒ හේතුවෙන් ගුවන්තොටුපොළ ආගමන විගමන සේවාවන් ස්වයංක්‍රීය ක්‍රමයෙන් බැහැරව සාමාන්‍ය පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.