පළමුවරට මෙරට බීජ වර්ගවන මිරිස්, වම්බටු , මාළු මිරිස් හා බණ්ඩක්කා සහ බඩඉරිඟු විශේෂ කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බලා ඇති අතර එම බීජ සඳහා ඉහළ ඉල්ලුමක් විදේශ රටවල් ගණනාවකින් ඉදිරිපත් ව ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා මෙරට පුද්ගලික අංශය එක්ව මෙම නව බීජ වර්ග පීළිබඳ පර්යේෂණ සිදු කරතිබේ.
මෙම වසර තුළ පළමුවරට මෙරටින් ඉහත සඳහන් කළ බීජ වර්ග යම් ප්‍රමාණයක් අපනයනය සඳහා සූදානම් කර ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
