Spread the love
ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක්ට අද තරගය අහිමිවෙයි ?

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දෙවැනි අවසාන පූර්ව තරගය අද (10) ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හිදී එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතය.

නමුත් නවතම මාධ්‍ය වාර්තා අනුව එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක්ට මෙම තරගය අහිමිවිය හැකිය.

ඒ වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් සහ ඉදිරිපෙළ පිතිකරුවෙක් වන ඩේවිඩ් ම්ලාන් ය.

මස්පිඬුවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් වුඩ් පසුගිය දින කිහිපයේදී පුහුණුවීම් සඳහා ද එක්ව නොසිටි බව වාර්තා විය.

පසුගියදා ශ්‍රී ලංකාව සමග පැවති තරගය අතරතුරදී ම්ලාන් ආබාධයකට ලක්විය.

ඒ අනුව අද පැවැත්වෙන තරගය සඳහා ක්‍රිස් ජෝර්ඩාන් සහ පිල් සෝල්ට් එක්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.